Sunday, April 7, 2013

මොකක්ද ආයුබොවන්ඩ මේ........

සිංහල යුනිකෝඩ් භාවිතය, අද වන විට බොහෝම ජනප්‍රියයි. සමහරු බ්ලොග් ලියනව.ඉස්සර කාලෙ මිනිස්සුන්ගෙ උදේ පත්තර බලන්න පුරුද්ද වගේ තවත් සමහරු බ්ලොග් කියවනවා. අදහස් (Comment) දක්වනවා. බ්ලොග් කරනයේ තියෙන නිදහස නිසාත්, කමෙන්ට් වලට තියෙන ඉඩ නිසාත් මේ විදියට බ්ලොග් ජනප්‍රිය වුනා කියලා කියන්න පුළුවන්. මමත් මේ වගේ බ්ලොග් ලියනවට වඩා කියවන්න ආස කෙනෙක්. ඒ වගේම රේඩියෝ අසන්නෙක්.

 අපි අද කාලේ රේඩියෝ අහන්නෙ නෑ. ඒවා අපිට ඇහෙන මාධ්‍යක් බවට පත් වෙලා. අහනවා කියන්නේ එකක්, ඇහෙනවා කියන්නනේ වෙනම දෙයක්. අපි ලංකාවේ අංක 1 කියලා රේඩියෝ චැනල් කීයක් කෑ ගහනවද? ඒත් ඒ කෑ ගහන අය එක වුනේ මොනවයින්ද? කොහොමද? කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද කාලේ රේඩියෝ අහනවනම් රුපියල් දහ දොළොස්දක් දෙන්න ඒ උදවිය සූදානමින් ඉන්නවා. මේ මුදල් ප්‍රමාණය සමහර මිනිසුන්ගේ මාසික පඩියටත් වඩා විශාලයි. ඇයි මෙච්චර විශාල මුදලක් දෙන්නේ? පුද්ගලික නාලිකා ලාභය මූලික කරගෙන වැඩ ‍ක‍රන බව නො‍රහසක්. එසේනම් මෙවැනි විශාල මුදලක් ශ්‍රාවකයා කෙරෙහි ඇති ආදරයක් නිසා දෙන බව බො‍රුවකි.

ගුවන් විදුලියක් විකාශය කරන්න වෙළඳ දැන්වීම අවශ්‍යයි. වෙළද ආයතනද දැන්වීම් ලබා දීම සිදු කරනු ලබන්නනේ විශාල ශ්‍රාවක පදනමක් ඇති නාලිකා වෙතටයි. මන්ද, ඔවුන්ට අවශ්‍ය වන්නනේ තම දැන්වීම විශාල ශ්‍රාවක පිරිසක් වෙතට ගෙනයෑමයි. මෙම චක්‍රය වර්තමානය වන විට බිඳ වැටෙමින් පවතී ගුවන් විදුලිය අහන දෙයක් නොව ඇහෙන දෙයක් බවට පත් වී තිබේ. එම නිසා ශ්‍රාවකයා පෙළඹවීම සඳහා කරන උපක්‍රමයක් ලෙස මෙම තත්ත්වය හඳුන්වන්න පුළුවන්.

අනෙත් අතට ලංකාවේ අද වන විට FM නාලිකා හතලිහක් පනහක්  වැනි සංඛ්‍යාවක් තිබුනද මනසට යමක් ගත හැකි, දැනුම වර්ධනය වන ආකාරයේ වැඩසටහන් ප්‍රචාරය කරන නාලිකා තිබෙන්නනේ කිහිපයක් පමණි. අනෙක් සියල්ල සිංදු රේඩියෝ වෙයි. එලෙස ප්‍රචාරය කරන ගීත පිළිබඳ විමසා බැලීම වෙනම ම කළ යුත්තක් වෙයි.

ගුවන් විදුලි නිවේදක නිවේදිකාවෝ භාෂාව හසුරවන ආකාරය වැරදි බවත් සිංහල බස අමු අමුවේ මරා දමන බවත් කියමින් වියත්, උගත් යැයි කියන පිරිස කෑමොර දෙමින් සිටියි. එමෙන්ම මෙම වරද නිවැරදි කිරීමට දරනා උත්සාහයක්ද පෙනෙන්නට නැත. එම පිරිසට අගෞරව කරනවා නොව නිවේදක නිවේදිකාවෝ වරදක් කරයිනම්, එම වරද නිවැරදි නොකරමින් ඔවුනට බැන වැදීමෙන් මෙම වරද නිවැරදි කළ නොහැකියි. සියල්ලටම ප්‍රථමයෙන් මුදල් පවතින අද කාලයේ ගුවන් විදුලි නාලිකා වල මෙම වැඩ පිළිවෙලට බැනවැදීමේ කිසිදු සාධාරණතාවයක් නොමැත. ඒ ඔවුන්ගේ ජීවිකාවයි.

‍වටෙන් ගොඩින් ඇවිදින් මා, කියන්න යන්නේ කුමක්ද? ‍අද වන විට බ්ලොග් පමණක් නොව, වෙබ් රේඩියෝවක් නොමිලයේ කරගෙන යා හැකි අතර අන්තර් ජාලය සඳහා ගෙවන දුරකතන බිල සහ විදුලි බිල හැරුණු විට වෙනත් කිසිදු වියදමක් නොමැත. එම නිසාවෙන් නිවැරදිව වැඩසටහනක් කරන අදහසින් ‍වෙබ් ේඩිෝවක් රම්භ කරන්නට අදහසක් මට ඇති විය.

 මෙම කටයුත්තට අත මවිසින් ගසනුයේ ගුවන් විදුලි නිවේදකයෙකු වීමට ඇති ආසාව නිසාත්, මේ පිළිඳව හැදෑරිය යුතු නිසාත් වෙයි. ඔබේ අදහස් දක්වන්න. මාගේ වරදක් ඇතොත් ඒ වරද පෙන්වා දෙන්න. තැන තැන වැරදි කියනවාට වඩා පහළ ඇති අදහස් දැක්වීමට ඇති ඉඩ ‍තුල අදහස් දැක්වීම සිදු කරන්න. එෆ්. එම්. නාලිකාවලට මුදල් වටිනා අතර ඔබගේ අදහස්, උදහස් මට මිල කළ නොහැකි තරම් වටියි......

7 comments:

  1. පළවෙනි විකාෂය අප්‍රෙල් 10ට කිලින් කරනවා. ඊට කලින් ඔබගේ අදහස් උදහස් දැක්වීම සිදු කරන්න. වැඩසටන් වල ඉදිරිපත් විය යුතු කරුණු ගැන අදහස් දැක්වීමක් කරන්න. නැතිනම් lochana587@gmail.com ලිපිනයට විද්‍යුත් තැපෑලක් දාන්න.

    ReplyDelete
  2. ලිපිය නම් හුඟක් වටිනා එකක් මගෙන් සුබපැතුම්

    ReplyDelete
  3. උදව්වක් එහෙම ඕනෙද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම උදව් කරන්න

      Delete
  4. කෝ තාම upload කලේ නෑ නේ....

    ReplyDelete